Home » රෝහල්වලට හමුදා භටයන් 500කගේ සේවය සැලසෙයි

රෝහල්වලට හමුදා භටයන් 500කගේ සේවය සැලසෙයි

by mahesh
January 12, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

රට පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති මඟින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාළ වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා හමුදා භට පිරිස් යොදවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙසේ භට පිරිස් යොදවන ලෙස බටහිර සහ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ට හමුදාපතිවරයා උපදෙස් දී තිබේ.

ඒ අනුව බටහිර සහ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්, මාතර බළන්ගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම යන රෝහල්වල දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා යුද හමුදා භට පිරිස් යොදවනු ලැබූ බව යුද හමුදාව පවසයි.

මේ වන විට එම රෝහල්වල අවශ්‍යතාවන් අනුව යුද හමුදාවේ 500කට ආසන්න භට පිරිසක් යොදවා ඇති අතර හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍ය භට පිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT