අන්තර්ජාලයේ වෙබ් අඩවි මඟින් අන්තවාදී සහ ත්‍රස්තවාදී මත පළ කරමින් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමඟ කටයුතු කරන පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඉදිරියේ ඊයේ (08) කරුණු වර්තා කර ඇත.
මෙම පිරිස ජංගම දුරකතන මගින් සිදු කරමින් පවතින මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ත්‍රස්ත පනත ප්‍රකාරව අදාල පරීක්ෂණය ආරම්භ කළ බව ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර කළේය.
අන්තවාදී අදහස් මෙන්ම ත්‍රස්තවාදී අදහස් සහිතව මෙම අඩවිවලින් එකිනෙක තොරතුරු හුවමාරු කරගන්නා මේ පිරිස , ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමඟ සමීපව කටයුතු කරන බවට විමර්ශනවලින් හෙළ වී ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාංසයේ උප පොලිස් පරීක්ෂක ඊ. එම්. රිශාන් නිලධාරියා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළ බවද එම කොට්ඨාසය අධිකරණයට කරුණු සඳහන් කළේය.
මෙරට පැවති තිස් වසරක යුද්ධය නිමා වීමත් සමඟම මුලිනුපුටා දැමූ එල්ටීටීඊ ත්‍රස්තවාදය යලි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කාලය එළැඹි අති බවට සඳහන් කරමින් මෙම පිරිස් සිය අන්තවාදී ත්‍රස්තවාදී අදහස් එම වෙබ් අඩවිවලින් ප්‍රචාරය කර ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව, මෙම අන්තවාදී වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම සඳහා ඔවුන් භාවිත කළ ජංගම දුරකතන අංක ඔස්සේ විමර්ශන පවත්වමින් සිටින බවද දැනුම් දුන්නේය.
නිමන්ති රණසිංහ