Home » ණය හිමි රටවල් අතර ගිවිසුමක වැදගත්කම ජපානය අවධාරණය කරයි
ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සඳහා

ණය හිමි රටවල් අතර ගිවිසුමක වැදගත්කම ජපානය අවධාරණය කරයි

by sachintha
January 9, 2024 12:02 am 0 comment

 

ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ණය හිමි රටවල් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ වැදගත්කම ජපානය අවධාරණය කර තිබේ.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ඒ සඳහා ණය හිමි රටවල් සමග ප්‍රතිපත්තිමය එකඟත්වයකට පැමිණ තිබෙන අතර නිල ණය හිමියන්ගේ කමිටුවෙන් (OCC) පිටත ණය හිමියන් සමඟ ගිවිසුම්වල විනිවිදභාවය සහ සංසන්දනාත්මක බව සහතික කිරීමේ අවශ්‍යතාවය ද ජපානය පෙන්වා දී ඇත.

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව සම සභාපතිත්වය උසුලන ණය දෙන රටවල් 15ක් පමණ වන අතර ආර්ථික සහ මූල්‍ය වශයෙන් ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීම සඳහා සහාය ලබාදීමට රටවල් රැසක් සහාය දෙන බවද කියා සිටී.

1948 නිදහසින් පසු දරුණුතම මූල්‍ය අර්බුදය සමඟ සටන් කරන දකුණු ආසියාතික දූපත් ජාතියක් වන ශ්‍රී ලංකාව, උද්ධමනය, මුදල් අවප්‍රමාණය සහ අඩු විදේශ සංචිත හේතුවෙන් ආර්ථිකය කඩාවැටීමකට ලක්වූ බවද 2022 වසරේ මැයි මාසයේ දී විදේශ ණය පැහැර හරිමින් ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට අවතීර්ණ විය.

ශ්‍රී ලංකාව සහ ණය හිමියන් පසුගිය නොවැම්බර් මාසයේ දී ප්‍රතිපත්තිමය වශයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ එකඟතාවකට එළැඹී ඇති අතර එය දළ වශයෙන් ඩොලර් බිලියන 5.9ක හිඟ රාජ්‍ය ණය ආවරණය වන බවද එය දිගුකාලීන කල්පිරීමේ දිගුව සහ පොලී අනුපාතවල මිශ්‍රණයකින් සමන්විත වන බව ද ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියා වන චීනය විසින් තමන්ගේම ගනුදෙනුවක් කර තිබෙන නමුත් ණය හිමියන්ගේ කමිටුවේ විධිමත් සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වී නැති බවද ජපානය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.81ක් ඇතුළත් බව සැප්තැම්බර් මාසයේ දී මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද දත්තවලට අනුව පැහැදිලි වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT