Home » ජපාන මුදල් ඇමති බ්‍රහස්පතින්දා එයි

ජපාන මුදල් ඇමති බ්‍රහස්පතින්දා එයි

by chanaka
January 9, 2024 10:51 am 0 comment

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා 2024 ජනවාරි මස 11 සිට 12 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍යවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් හමු වී නිල සාකච්ඡා පවත්වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ පාර්ලිමේන්තුව, ජයවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ තටාකාංගනය සහ මහරගම පිහිටි ලංකා නිපොන් බිස්ටෙක් ආයතනය වෙත යෑමටද නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT