Home » යුක්තියෙන් තවත් 950ක් දැලේ

යුක්තියෙන් තවත් 950ක් දැලේ

by chanaka
January 9, 2024 10:41 am 0 comment

යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 950 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 950 දෙනා අතුරින් 42 දෙදෙනෙකු රැදවුම් නියෝග මත රඳවා ගෙන වැඩිදුර විමර්ෂණ සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

නීති විරෝධි වත්කම් සම්බන්ධයෙන් ඇරඹු විමර්ෂණවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු ද එම පිරිසට ඇතුලත්ය.

යුක්තිය මෙහෙයුමෙන් මෙසේ අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් අතුරින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

අබින් කිලෝ ග්‍රෑම් 48 යි ග්‍රෑම් 140ක් ද, මාවා කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 86ක් ද, ගංජා කිලෝ ග්‍රෑම් 117යි ග්‍රෑම් 421ක් මෙන්ම හෙරෝයින් ග්‍රෑම් 296ක් හා අයිසි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය තොගයක් මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT