Home » දයාසිරිට තහනම් නියෝගයක් නිකුත් කෙ‌රේ

දයාසිරිට තහනම් නියෝගයක් නිකුත් කෙ‌රේ

by yasara
January 8, 2024 4:43 pm 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාලව මැතිවරණ කොමිසම වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ලබන 21 වැනිදා දක්වා බල පැවැත්වෙන බවයි කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි වැඩ බලන මහලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT