Wednesday, April 23, 2025
Home » සාස්තර කියමින් මත්කුඩු ජාවාරමේ යෙදුණු “ෂෝටා” පොලිසියට කොටු වෙයි

සාස්තර කියමින් මත්කුඩු ජාවාරමේ යෙදුණු “ෂෝටා” පොලිසියට කොටු වෙයි

by yasara
January 8, 2024 1:46 pm 0 comment

දේවාලයක කපුවෙකු ලෙස වෙස් වලාගෙන සාස්තර කියමින් මත්කුඩු ජාවාරමේ යෙදුන ෂෝටා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු  අත්අඩංගුවට ගැනීමට  වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය  සමත්ව ඇත.

රත්මලාන ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරුවෙකුගේ බිරිඳක සිය අනියම් බිරිඳ ලෙස තබා ගනිමින් ඇය සමග හොරණ ප්‍රදේශයට පැමිණ දෙදෙනා විසින් ජාවාරම සිදුකර  ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය සදහන් කරයි.

සැකකරු  ඩුබායි රාජ්‍යයේ සැගව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රධාන ජාවාරම් කරුවන් දෙදෙනෙකු ගේ මත්කුඩු මෙරට බෙදාහරින ප්‍රධාන ජාවාරම් කරුවෙකු බවද පොලිසිය සදහන් කරයි.

රත්මලාන, අගුලාන සහ කොළඹ අවට ප්‍රදේශයේ මත්කුඩු බෙදාහරින සැකකරු හොරණ, පොකුණුවිට කදන්හේන හී ජන ශූන්‍ය ප්‍රදේශයක කපුවෙකු ලෙස වෙස්වලාගෙන ජාවාරමේ නිරතවන බවට   ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට  ලද  තොරතුරක් සාස්තරයක් අසන මුවාවෙන් උපාය දූතයෙකු යොදා ආවේක්ෂණ රාජකාරි කර  වැටලීම කර  තිබේ.

යුක්තිය මෙහෙයුමෙන් බේරීම සදහා සැකකරු හොරණ ප්‍රදේශයට පලාවිත් ඇති බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

ප්‍රධාන කපුවාට සැක නොසිතෙන ආකාරයට ජාවාරම කරගෙන ගොස් ඇති බවත් , සාස්තර කීමෙන් උපයන මුදලින් දේවාලය සංවර්ධනය කර දෙන බවට සැකකරු පොරොන්දුවී ඇති බවට දැනගැනීමට ලැබී ඇතැයිද සදහන් වේ.

එහිදී සැකකරු පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු තොගයක් සැකකරු සන්තකයේ  තිබී හමුව ඇති බව පොලිසිය කීය.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT