Home » සැකකටයුතු ලෙස එක් දරු පියා මිය යයි

සැකකටයුතු ලෙස එක් දරු පියා මිය යයි

by yasara
January 8, 2024 12:18 pm 0 comment

මිතුරෙකු සමග   නීති විරෝධී මත්පැන් පානය කළ එක්දරු පියකු සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ හල්තොට තුත්තිරිපිටිය පදිංචිව සිටි තීරෝද රථ රියදුරෙකු වූ  ඉෂාන් පුෂ්පකුමාර නැමැති 45 හැවිරිදි එක්දරු පියකි

මියගිය ත්‍රී රෝද රථ රියදුරු  බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේ  නිවසක් ඉදිකරන අතර  එම නිවස ආසන්නයේ ඉදිකර තිබෙන කුඩා මඩුවක ලෑලි තට්ටුවක් මත ඔහු මියගොස්  ඇතැයි පොලිසිය කියයි

ඔහුගේ බිරිඳ ඔහුගේ දුරකථනයට අද ( 08 )අලුයම දුරකථන ඇමතුම් ගත්ත ද ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අසල්වාසී තරුණයෙකුට ඔහු පිළිබඳ සොයා බලන ලෙස දැනුම් දීමෙන් අනතුරුව එම තරුණයා කුඩා මඩුව තුළට පැමිණ සිදුකළ  සොයා බැලීමෙන් අනතුරුව මියගිය අය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් බිරිඳට ඒ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව ඇය පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත

පොලිසිය පැමිණ සිදු කළ පරික්ෂාවේදී  මළ සිරුර ආසන්නයේ මිලි ලීටර් 500 නීති විරෝධී මත්පැන් බෝතලයක් තිබී සොයාගෙන ඇත

ඔහු සමග එකට මත්පැන් පානය කළ බවට කියන මිතුරාගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT