609
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහ විදුහල සංවිධාන කළ ‘කන්නන්ගර අභියෝගතා පිහිනුම් තරගාවලියේ’ ශූරතාව දිනා ගැනීමට සත්කාරක කණ්ඩායම සමත් විය.
මතුගම කලාපයේ පාසල් රැසක සහභාගිත්වයෙන් පැවති තරගාවලියේදී සත්කාරක පිල ලකුණු 242ක් ලබාගත් අතර, මතුගම ආනන්ද ශාස්ත්‍රාලය (93) සහ මතුගම සාන්ත මේරි විදුහල පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කර ගත්තේය.
විදුහල්පතිනි දුල්මිනි එන්. සේනානායක මහත්මියගේ මඟ පෙන්වීම මත විදුහලේ පිහිනුම් උපදේශක ප්‍රවීණ පුහුණුකරු සුරංග පෙරේරා සහ ලක්ෂ්මන් මහත්වරුන් ඇතුළු කාර්යමණ්ඩලය මේ තරගාවලිය සංවිධාන කර තිබිණි.