Sunday, April 20, 2025
Home » නීතිඥ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අද

නීතිඥ ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අද

by mahesh
January 5, 2024 12:58 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා නීතී ක්‍රිකට් සත්කාරකත්වය දරන 8 වැනි නීතිඥ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වේ. එන්සීසී පිටියේදී ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායම හා ඉන්දීය නීතිඥ කණ්ඩායම අතර තරගයත්, තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පාකිස්තාන නීතිඥ කණ්ඩායම හා එංගලන්ත – වේල්ස් බැරිස්ටර්ස් නීතිඥ කණ්ඩායම අතර තරගයත්, අද පැවැත්වේ.

මෙයින් ජය ගන්නා කණ්ඩායම් අතර අවසන් මහා තරගය හෙට කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අවසන්පූර්ව වටයට සුදුකම් ලබාගත් ඉන්දීය නීතිඥ කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග 4ම ජයගෙන ‘ඒ’ කාණ්ඩයේ ඉදිරියෙන් සිටි අතර, ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායම සහභාගී වූ තරග 4න් තරග 3ක් ජයගෙන ‘බී‘ කාණ්ඩයේ දෙවැනි තැනට පත් විය.

පාකිස්තාන නීතිඥ කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ සහභාගී වූ සියලු තරග ජයගෙන පළමු තැන සිටි අතර, එංගලන්ත – වේල්ස් බැරිස්ටර්ස් නීතිඥ කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ සහභාගී වූ තරග 4න් දෙකක් ජයගෙන දෙකක් පරාජයවී දෙවැනි තැනට පත් වූවේය.

මෙතෙක් පැවැති තරගවලදී පාකිස්තානයේ මුසාෆර් හසන් හතරේ පහර 23ක් හා හයේ පහර 6ක් එල්ලකොට ඇති අතර, ඉන්දියාවේ සුබෙන්දු කවුෂික් හතරේ පහර 22ක් හා හයේ පහර 13ක්, ශ්‍රී ලංකාවේ එර්ෂාන් ආරියරත්නම් හතරේ පහර 17ක් හා හයේ පහරක් එල්ලකොට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT