Wednesday, April 9, 2025
Home » ඉන්දික චතුරංග හා හංසනී ගෝමස් බර ඉසිලීමේ විශිෂ්ට සම්මාන දිනති

ඉන්දික චතුරංග හා හංසනී ගෝමස් බර ඉසිලීමේ විශිෂ්ට සම්මාන දිනති

by mahesh
January 5, 2024 12:58 am 0 comment

අනුරාධ බණ්ඩාර

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් පොලොන්නරුවේදී පැවති ජාතික ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ දක්ෂතම බර උසුලන්නා ලෙස ඉන්දික චතුරංග දිසානායක (කිලෝ ග්‍රෑම් 73 බර පන්තිය) සම්මාන ලැබූ අතර, දක්ෂතම බර උසුලන්නිය ලෙස හංසනී ගෝමස් (කිලෝ ග්‍රෑම් 49 බර පන්තිය) තිළිණ ලැබුවාය.

මෙවර කනිෂ්ඨ තරග මාලාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ටී.එම්.එන්.එස්. දිසානායක (ගල්ගමුව) නම් කෙරුණු අතර, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඩබ්ලිව්.ඒ.පී.ඩී.එන්. සංජනා (අන්ඩර් ද බාර් සමාජය) තිළිණ ලැබුවාය. දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස කේ.බී. වෙනුර (ගාල්ල) සම්මාන ලැබූ අතර දක්ෂතම යොවුන් ක්‍රීඩිකාව ලෙස ආර්.එල්.එස්. ලක්සරණී (ගාල්ල) ඇගයීමට ලක් වූවාය.

ප්‍රසාද ලකුණු 34ක් සමඟින් මෙවර ජ්‍යෙෂ්ඨ පිරිමි ශූරතාව දිනා ගැනීමට යුද හමුදාව සමත් වූ අතර, අනුශූරතාව ගුවන් හමුදාව (ලකුණු 18) සතු විය. කාන්තා ශූරතාව සමව දිනා ගනිමින් කැපී පෙනෙන්නට ගුවන් හමුදාව (ලකුණු 22) සහ නාවික හමුදාව (22) සමත් විය.

කනිෂ්ඨ තරග මාලාවේ පිරිමි ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට හා කාන්තා ශූරතාව පොලොන්නරුව බර ඉසිලීමේ සමාජයට හිමි විය. එහි අනුශූරතා පිළිවෙළින් ගලිගමුව සමාජයට හා ගාල්ල බර ඉසිලීමේ සමාජයට ද හිමි විය.

අවුරුදු 17න් පහළ යොවුන් තරගාවලියේ බාලක සහ බාලිකා ද්විත්ව ශූරතා කුසලාන පොලොන්නරුව සමාජය දිනාගත් අතර අනුශූරතා කුසලාන ගාල්ල සමාජය සතු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT