මාවනැල්ල වලව්වත්ත ප්‍රදේශයේ විශාල සත්ත්ව ගොවිපොළක් පවත්වාගෙන යන මුවාවෙන් සිවු මහල් නිවෙසක අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 33යි මිලි ග්‍රෑම් 700ක් සමඟ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු සහ තවත් සැකකරුවෙක් පෙරේදා (03) අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල වලව්වත්තේ සිවු මහල් නිවෙසේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයාගේ 31 හැවිරිදි පුතා හා ප්‍රධාන සැකකරුගේ මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයකු බව කියන දනාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 41 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති යුක්තිය මෙහෙයුම යටතේ කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාට ජීප් රථයකින් මාවනැල්ල නගරයේ පෙරේදා (03) අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත ජීප් රථය මාවනැල්ල වලව්වත්ත ප්‍රදේශයේ නිවෙසක නතර කර තිබියදී කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශ, පොලිස් අධිකාරී ප්‍රදීෂ් වීරසේකර යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන්ත, උප පොලිස් පරීක්ෂක කරුණාරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන ධර්මරත්ත (43942), පුෂ්පකුමාර (28562), ප්‍රදීෂ් (48819), වික්‍රමසිංහ (82351), නවරත්න (97164) යන නිලධාරීන් කණ්ඩායම අදාළ නිවෙසට පෙරේදා (03) ගොස් පරීක්ෂා කර තිබුණි. එහිදී සිවු මහල් නිවෙසේ හිමිකරුට අයත් ජීප් රථයේ කූලරය තුළ සඟවා තිබුණු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 200ක්ද, සැකකරුගේ නිදන කාමරය පරීක්ෂා කිරීමේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 500ක් ද සොයාගෙන තිබුණි. නිවෙසේ සිටි තවත් පුද්ගලයකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම යටතේ අත්අඩංගුවට ගෙන පෙරේදා (03) මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කර යළි සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. ප්‍රධාන සැකකරු භාරයේ තිබුණු රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. එහිදී සැකකරුගේ නමට කිසිම ලියකියවිල්ලක් නොතිබුණු බවත්, ජීප් රථය මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයකුට අයත් එකක් බවත් පොලිසිය පැවසීය. මාවනැල්ල දනාගම කෝටියක ව්‍යාපාරිකයාගේ පුතා වන ප්‍රධාන සැකකරු කාලයක සිට මත්ද්‍රව්‍ය පානය කරන බවත් පසුව ව්‍යාපාරික පියා දරුවා පවුලෙන් ඉවත් කර ඒ ආසන්නයේ පදිංචිව ඇති බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් ජීප් රථය හා කෝටිපති නිෙවස