771
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශය නව වසරට වැඩ ඇරඹීම පසුගිය දා (1) පෙරවරුවේ සිදු කෙරිණි.
එහි සම නිර්මාතෘවරු වන සම්මානනීය මහාචාර්ය එම්.ඩබ්ලිව්. වික්‍රමාරච්චි සහ මහාචාර්ය අතුල මානවඩුගේ, අධ්‍යයනාංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, දැනට සප්ත වාර්ෂික නිවාඩු ලැබ ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය ඩබ්ලිව්. ජී.එස්. කැලුම් යන මහත්වරු ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියෝ මේ අවස්ථාට එක්ව සිටියහ.