Home » තරුණ පිරිස යහමඟට නොගත්තොත් රටේ අනාගතය බරපතළ අවදානමක

තරුණ පිරිස යහමඟට නොගත්තොත් රටේ අනාගතය බරපතළ අවදානමක

වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ

by mahesh
January 5, 2024 1:00 am 0 comment

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

“අපේ තරුණ තරුණියන් අද දවසේ වැරදි දේවල්වලට බරපතළ ලෙස ඇබ්බැහි වෙලා. ඒ පිරිසට අවවාද දෙමින් යහමඟට ගැනීමේ කටයුතු ඉක්මන් නොකළොත් අනාගතය බරපතළ අවදානම් තත්ත්වයකට පත්වීම වළක්වන්න බැරි වෙනවා” යැයි වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ ආණමඩුව, සුරක්කුලම ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ශ්‍රී සරණංකර ගුණානුස්මරණ දෙමහල් සංඝාවාස ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සිරි සුගතසිරි පාලිත වංශාලංකාර ගලපිටියාගම විමලධම්ම හිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තන්ගනේ හිමියන්, හලාවත කැබැල්ලෑවල රතන සිරි පිරිවෙන් විහාරාධිපති පුත්තලම දිස්ත්‍රික් අධිකරණ සංඝනායක හාල්පන්විල පාලිත හිමියන්, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාව ඇමතූ ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ

මෙසේද ප්‍රකාශ කළේය:

“දියුණු වන ලෝකයේ සෑම තරුණ තරුණියක් අතම දුරකතනයක් තිබෙනවා. ඒකෙ වරදක් නෑ. ඒත් එයින් හොඳ දේ ගැනීම වෙනුවට වැරදි දේ ගැනීමට තමා අද බොහෝ තරුණ පිරිස හුරුවෙලා තියෙන්නේ. මේ තත්ත්වය අපට බලා ඉන්න අමාරුයි. ඒ වගේම බහුතරයක් තරුණ පිරිස මතට හුරුවෙලා. එතැන විශාල විනාශයක් සිදු වෙනවා. මේ තත්ත්වය අපේ සංස්කෘතියට ගැළපෙන දෙයක් නොවේ.

“අද දවසේ මම ආණමඩුවට ආවේ හරිම සතුටින්. මේ උත්සවයට මට ආරාධනා කළ එක ගැන සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. මම හැම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ විශාල විහාර මන්දිර හදලා සංඝාවාස හදලා කළ පින්කම වාගේම දරුවන් ආදරයෙන් බලා ගන්න පින්කමත් කරන්න කියලා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT