Home » හොර රහසේ ගෙන්වූ ලැප්ටොප් හා ජංගම දුරකතන ගබඩාවක් සමඟ අයෙක් අල්ලයි

හොර රහසේ ගෙන්වූ ලැප්ටොප් හා ජංගම දුරකතන ගබඩාවක් සමඟ අයෙක් අල්ලයි

by mahesh
January 5, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත සහ බණ්ඩාරගම බිමල් ජයසිංහ

රජයට තීරු බදු අහිමි කර, හොර රහසේ මහා පරිමාණයෙන් මෙරටට ගෙන්වන ලද ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන ගබඩාවක් සමඟ සැකකරුවකු පෙරේදා (03) කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ පිහිටි ගබඩාවකදී වැටලීමක් සිදුකර ඇති අතර, එහිදී රජයට තීරු බදු අහිමි කර හොර රහසේ මහා පරිමාණයෙන් මෙරටට ගෙන්වන ලද ජංගම දුරකතන 66ක් හා ලැප්ටොප් පරිගණක 10ක් සහිත ගබඩාවක් සමඟ මධ්‍යම පාර, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

මොවුන් මෙම ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන ගෙන්වන්නේ කුමන මාර්ගවලින්ද, ඒවා බෙදා හරින්නේ කාටද, මේවා පසුපස සිටින්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟ පෙන්වීම පරිදි, අධ්‍යක්ෂ (විශේෂ අවි හා උපක්‍රම/සංග්‍රාමික යතුරුපැදි) පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී. රත්නවීර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බළකාය, ජයවර්ධනපුර කඳවුරේ ස්ථාපිත කර ඇති විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, උප පොලිස් පරීක්ෂක එම්.ඒ.ආර්.පී. කරුණාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT