ස්වීඩනයේ අධිවේගී මාර්ගයක වාහන දහසක් පමණ අධික හිමපතනයට හසු වීම හේතුවෙන් පැය 24ක් පුරා සිර වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු ස්වීඩනයේ ස්කේන් පළාතේ අධිවේගී මාර්ගයක මේ හිමපතනය සිදු වී ඇති අතර, වාහන තුළ සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් දිවා රාත්‍රී මෙහෙයුමක නිරතව සිටින බව ද වාර්තා වේ. ස්වීඩනයේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් ඝෘණ 43.6ක් දක්වා පහත වැටී ඇතැයි ද, මෙවැනි අධික හිමපතනයක් සහිත ජනවාරියක් ස්වීඩනයට උදා වී ඇත්තේ වසර 25කට පසුව බව ද වාර්තා වේ. අධික හිමපතනය හේතුවෙන් නිවාස රැසක් යටවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඊයේ වන විට අධිවේගී මාර්ගයේ සිර වූ මෝටර් රථ තුළ සිටි පුද්ගලයන් ඉවත් කරගැනීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් සමත් වී ඇති අතර, මේ වන විට ඉතිරිව ඇත්තේ ට්‍රක් රථ පමණක් බව ද වාර්තා වේ.