අමෙරිකාවේ ඉහළ යන සූර්ය බලශක්ති ඉල්ලුමෙහි වාසිය අත්පත් කරගැනීමට ඉන්දියාවේ ප්‍රමුඛතම සූර්ය පැනල නිෂ්පාදන සමාගම වන වාරී එනර්ජීස් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගියදා එම සමාගම අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සූර්ය බලශක්ති කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියනයක මුදලක් ආයෝජනය කිරීමට තීරණය කර ඇති බවය.
අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පසුගිය වසරේදී දේශගුණික විපර්යාස සම්බන්ධව නීති සම්මත කරගැනීමෙන් පසු සුර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා සහනාධාර සහ බදු සහන ලබා දීමට පියවර ගැනීමත් සමඟ ජාත්‍යන්තර සූර්ය පැනල නිෂ්පාදන සමාගම්වල අවධානය අමෙරිකාව වෙත යොමු වී ඇතැයි ද වාර්තා වේ. මේ සඳහා වැඩිම තරගකාරීත්වය ඇත්තේ ඉන්දියාව සහ චීනය අතර බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉන්දීය සමාගම විසින් ඉදි කිරීමට යෝජිත ටෙක්සාස් සූර්ය බලශක්ති කර්මාන්තශාලාව වසර 2027 වනවිට වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.