අමෙරිකාවේ වසර අවසාන දීර්ඝ නිවාඩු සමයෙන් පසු ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇතැයි එරට බෝවන රෝග පාලනය කිරීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. පසුගිය සති කිහිපය තුළ අමෙරිකාවේ කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර, රෝගීන්ගෙන් බහුතරයකට ආසාදනය වී ඇත්තේ JN 1 කොවිඩ් නව ප්‍රභේදය බවත් වාර්තා වේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන එරට බොහෝ රෝහල්වල මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති අතර, රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
පසුගියදා නිව්යෝක් නුවර රෝහල් මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට පෙර ලොස් ඇන්ජලිස් සහ මැසචුසේ ප්‍රාන්තවල රෝහල් එය ක්‍රියාත්මක කර තිබේ. ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් තිබෙන බවත්, නත්තල් නිවාඩුවට පෙර එරට ප්‍රාන්ත රැසක ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ මට්ටමක තිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.