Home » ශාන් වෙනුවට අම්බලන්ගොඩට සජින්

ශාන් වෙනුවට අම්බලන්ගොඩට සජින්

by chanaka
January 4, 2024 4:46 pm 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත්කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සමඟ ඊයේ (03) පැවති රැස්වීමකින් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට රැස්වුණු දිස්ත්‍රික් ශ්‍රීලනිප ක්‍රියාකාරීන් තම සහය තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටම ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඔවුන් සියලු දෙනාම අම්බලන්ගොඩ ආසනයට වඩාත් සුදුසු සජින් ද වාස් ගුණවර්ධන මහතා බව යෝජනා කර ඇති බවද සදහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT