Home » සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්

සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්

by chanaka
January 4, 2024 4:49 pm 0 comment

මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන පත්කරන ලද කමිටුව පසුගියදා(01) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙම කමිටුව විසින් මාස තුනක කාලායක් තුල පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් වන යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතුය. රටේ ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ නියෝජනය වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් කිසිඳු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුලත් නොවීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

රටේ ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් ඇතුළුව සියලුම ශ්‍රමිකයින් පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුළුත් කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළයුතු බවද ඒ සඳහා වන ක්‍රමවේදය සකස්කර මාස තුනක් ඇතුලත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

විධිමත් අංශයේ සේවය කරනු ලබන පිරිස් මෙන්ම තවත් මිලියන ගණනක පිරිසක් අවිධිමත් අංශයේ සේවය කරනු ලබන බවත් ඔවුන්ගේ ශ්‍රමයට අභිමාණයක් සහ ගරුත්වක් ලබාදීම සඳහා “ගරු සරු” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධයෙන් වූ උපදේශණ සැසිවාර කඩිනමින් පවත්වා මාස තුනක් ඇතුලත අදාල වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී කමිටු සමාජිකයින්ට උපදෙස් ලබාදෙනු ලැබීය.
මෙම කමිටුව අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

මෙම සැසිවාරයේදී ලර්න් එෂියා ආයතනය විසින් සමාජ ආරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් අනාවරණය කරගත් තොරතුරුද ඉදිරිපත් කරනු ලැබීය. ඒ සඳහා මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඇතුළු කණ්ඩායමක් එම ආයතනය නියෝජනය කරමින් එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT