අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ විය.
දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමග පවතින ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, පොළොන්නරුව, වැලිකන්ද, අරලගංවිල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල පදිංචි උසස් පෙළ විභාග අපේක්ෂකයන් සඳහා පොළොන්නරුව මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විශේෂ විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත.
ගංවතුර හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේය.
එසේම උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.