367
පැය 24 ක කාලය තුළ ‘යුක්තිය‘ මෙහෙයුමේදී සැකකරුවන් 1038 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් 67 දෙනෙකු රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 43 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 417ක්, අයිස් ග්‍රෑම් 205ක් සහ මත්පෙති 722ක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 84 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.