Monday, April 21, 2025
Home » 20 හැවිරිදි තරුණිය දුම්රියේ දී 04කට පිහියෙන් ඇනලා

20 හැවිරිදි තරුණිය දුම්රියේ දී 04කට පිහියෙන් ඇනලා

by chanaka
January 4, 2024 4:12 pm 0 comment

ජපානයේ දුම්රියක් තුළදී සිදුකළ පිහි ඇනුමකින් සිව්දෙනෙක් තුවාල ලබා ඇත.

එම වාර්තාවේ දැක්වෙන්නේ, JR Okachimachi සහ Akihabara දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය වෙමින් තිබියදී පිහි අනුම සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට 20 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බවයි.

එරට වේලාවෙන් ඊයේ (03) රාත්‍රී 11ට පමණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වාර්තා වූ බව ටෝකියෝ පොලීසිය පවසයි. මෙම කාන්තාව මගීන්ට පහර දී ඇති අතර, පහර දුන් අය ඇය නොදන්නා බව පොලිසිය පවසයි.

විමර්ශනවල දී සැකකාරිය පොලිසියට පවසා ඇත්තේ ඇයට “මිනිසුන් මරා දැමීමට” අවශ්‍ය වූ බවයි. ඇයගේ බෑගයේ තිබී තවත් පිහියක් හමුවී ඇතැයි ද ජපන් ටයිම්ස් වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT