448
ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු ඊයේ(03) උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ
එම රැඳවියා රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
29 හැවිරිදි ඔහු කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම පසුගිය සතියේදී මාතර බන්ධනාගාරයේ ද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඒ අනුව බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සදහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.