Home » ඩෙංගු මර්දනයට ජාතික මටට්මේ වැඩසටහන් මාලාවක්

ඩෙංගු මර්දනයට ජාතික මටට්මේ වැඩසටහන් මාලාවක්

by chanaka
January 4, 2024 12:09 pm 0 comment

ඩෙංගු මදුරු මර්දනය සහ පාලනය සඳහා ජාතික මටට්මේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ මගපෙන්වීමෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ලබන ඉරිදා සිට ඩෙංගු අවදානම් කලාප කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණී.

පොලිසිය මෙන්ම ත්‍රිවිද හමුදාවේ නියෝජිතයන් සාකච්ඡාවට එක්විය. ඒ අනුව ඩෙංගු මදුරු මර්දන කමිටු දිස්ත්‍රික්ක මට්ටමෙන් පිහිටුවීම අද සිට සිදුකෙරේ.

නිවාස හා ගොඩනැගිලි ආදිය පරීක්ෂා කිරීම ලබන ඉරිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.

විශේෂ වැඩසටහන දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT