Home » කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා නතර වූ ව්‍යාපෘති ගැන ගත් තීන්දුව

කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා නතර වූ ව්‍යාපෘති ගැන ගත් තීන්දුව

by chanaka
January 2, 2024 2:40 pm 0 comment

කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා ඉකුත් සමයේදී නතර කර තිබූ බොහෝ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ නිවාස ව්‍යාපෘති හා නගර සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

නිමේෂ් හේරත් මහතා මේ බව කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට ඊයේ (01) සහභාගි වෙමිණි. එම උත්සවය බත්තරමුල්ල, සෙත්සිරිපාය, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එහිදී සඳහන් කළේ රජයේ චක්‍රලේඛ හා මුල්‍යමය අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘති නතර වී තිබූ බවයි. පවතින ආර්ථික තත්ත්වය අනුව එම ව්‍යාපෘති සිදු කරන අදාල සමාගම් හා කොන්ත්‍රාත්කරුවන් සමඟ සාකච්ඡා කර නැවත කඩිනමින් ඒවා ආරම්භ කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා,

නාගරික සංවර්ධන අධිකාරියේ අපේක්ෂාව නාගරික සංවර්ධනය සමව සිදු කිරීමයි. ඒ සඳහා වන ප්‍රතිපත්තිමය හා භෞතිකමය වැඩසටහන් සිදු කරමින් යනවා. 2024 වසර අභියෝගාත්මක වසරක් ඇතුලේ නාගරික සංවර්ධනයේ කලින් පැවැති තත්ත්වයට වඩා ඉදිරියට ගෙන යන්නට අපේක්ෂා කරනවා.

2022 වසරේ නාගරික සංවර්ධන අධිකාරිය තිබුණ තැනට වඩා අද වනවිට සෑහෙන තැනකට ඇවිල්ලා තිබෙනවා. භාණ්ඩ රැසක මිල වැඩිවීම් ගැන අහන්නට ලැබුණා. රජයක් විදියට මේ ප්‍රයාත්නය ගන්නේ ණය උගුලෙන් එලියට එන්නයි. ආයතනයක් විදියට අවුරුදු 18කට වැඩි පුද්ගලයින් හැම කෙනෙක්ටම බදු අංකයක් විවෘත වෙනවා. ඵලදායිතාවය අනුව ඉදිරියට කරගෙන යන්න ඵලදායිතා දීමනාවක් අපි ලබා දුන්නා. නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය වසරේදී ලැබූ ලාභය රුපියල් මිලියන 1,890ක් වෙනවා.

ඒ නිසා මේ වසරේදීත් ආයතනයේ සියළු දෙනාගෙන්ම 100%ක් නෙමෙයි සියයට 1000%ක් සහයෝගය දෙන්න ඕනේ. සමහරු ඉන්නවා කරන වැඩ වලට බාධා කරන. ඒ අය එහෙම හිටියට කමක් නෑ වැඩ කඩාකප්පල් කරන්නේ නැතිව. මම දැකලා තියෙන දෙයක් තමයි වැඩක් පටන් ගත්තට පස්සේ ඒ වැඩේට තැන් තැන්වලට ගිහිල්ලා හරි අකුල් හෙලන කට්ටිය වැඩියි. නාගරික සංවර්ධන අධිකාරියේ 99%ක්ම ධෛර්යවන්ත විදියට වැඩ කරනවා.

අපේ අය ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් මේ ලගදි ගත්තා කොරියාවලට ගිහින්. ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් කාර්ය මණ්ඩලයක් අපි ලග ඉන්නවා. එවැනි කාර්ය මණ්ඩලයක් හැසිරෙන්න ඕනි විදිය තමන් ඉගෙන ගන්න උපාධියෙන් එන්නේ නෑ. මේවා සාමාජයේ ගැවසිලා මිනිස්සු එක්ක හැසිරිලා ලබා ගන්නා දැනුම මගින් ලබා ගන්නා දේවල්. සමාජයට ගිහින් වැඩක් කරනකොට ඒ දේවල් තමයි වැදගත් වෙන්නේ. මෙය රාජ්‍ය ආයතනයක්. අපි ජනතාවත් එක්ක තමයි ගණු දෙනු කරන්නේ. ඒ බව සිතේ තබාගෙන වැඩ කළ යුතු යැයිද පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT