Home » ඊශ්‍රායල හමුදා ප්‍රකාශක අලුත් අවුරුද්දේ සිදු කළ අනාවරණය

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක අලුත් අවුරුද්දේ සිදු කළ අනාවරණය

by chanaka
January 2, 2024 1:31 pm 0 comment

ගාසා තීරයේ ගැටුම් 2024 පුරාවටම පවතිනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.

අලුත් අවුරුදු පණිවිඩයක ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි පැවසුවේ “දිගු සටන්” සඳහා සූදානම් වීම සඳහා හමුදාව සූදානම් කරමින් පවතින බවයි.

මේ අතර ඔක්තෝම්බර් 7 ප්‍රහාරයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරියෙකු වන ආදිල් මිස්මා ඩීර් අල්-බාලා නගරයට එක රැයකින් එල්ල කළ ප්‍රහාරයකින් මරා දැමූ බව ද ඔහු පැවසීය.

ගාසා තීරයේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මේවන විට පුද්ගලයන් 21,978 ක් මිය ගොස් ඇති අතර ඒ අතරින් වැඩි පිරිසි දරුවන් සහ කාන්තාවන් බව සදහන් කෙරේ.

එසේම ගතවූ සති 11ක කාලසීමාව තුළ ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයින් 56,697 දෙනෙකු තුවාල ලබා ඇත.

මීට අමතරව එම සංඛ්‍යාලේඛනවලට අනුව ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 156 දෙනෙකු මියගොස් 246 දෙනෙකු තුවාල ලබා ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ මිලියන 2.4 ක ජනතාවගෙන් සියයට 85% ක් නැතහොත් මිලියන දෙකකට ආසන්න පිරිසක් මේවන විට අවතැන් වී ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT