Home » යුක්තිය වෙනුවෙන් ඔබේ වගකීම ඉටුකරන්න දුරකථන අංකයක්

යුක්තිය වෙනුවෙන් ඔබේ වගකීම ඉටුකරන්න දුරකථන අංකයක්

by yasara
January 2, 2024 1:01 pm 0 comment

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාවේදී ජනතාවට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සදහා 071 859 88 00 අංකයක් හදුන්වාදී දී තිබෙයි.

එම දුරකතන අංකය ප්‍රදර්ශනය කෙරෙන ස්ටිකර් ත්‍රීරෝද රථ හිමියන් වෙත ලබාදීම  වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) සිදු කෙරුණි.

මෙම දුරකථන අංකයට ඇමතුම් ලබා දෙන කිසිම අයෙකුගේ දුරකථන අංක සහ තොරතුරු අනාවරණය නොවන ආකාරයට මෙම දුරකථන අංකය ලබා දී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට පැවති මෙම ස්ටිකර් හඳුන්වාදීමේ අවස්ථාවට වැඩ බලන පොලිස්පති  දේශපන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT