Home » ‘යුක්තිය’ මෙහෙයුම : තවත් 822ක් අත්අඩංගුවට

‘යුක්තිය’ මෙහෙයුම : තවත් 822ක් අත්අඩංගුවට

by chanaka
January 2, 2024 12:40 pm 0 comment

යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 822නෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(01) සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 273ක්, අයිස් ග්‍රෑම් 111ක්, ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 632ක් සහ මත්පෙති 426 ක් පොලිස් භාරයට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේය.

මුළු සැකකරුවන් අතරින් 60ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරයි.

එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 72නෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛණගත ලැයිස්තුවේ සිටි සැකකරුවන් 91 දෙනෙකු මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT