Home » ඔටිසම් දරුවා පිටුපස තබාගෙන මත්කුඩු බෙදූ මවක් අත්අඩංගුවට

ඔටිසම් දරුවා පිටුපස තබාගෙන මත්කුඩු බෙදූ මවක් අත්අඩංගුවට

by yasara
January 2, 2024 12:22 pm 0 comment

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන තම 11 හැවිරිදි දරුවා යතුරුපැදියේ පිටුපස තබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඉංගිරිය පොලිසිය විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරුක්වත්ත, පාදුක්ක ප්‍රදේශයේ 46 හැවිරිදි කාන්තාවකි.

ඇය පදවාගෙන පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියේ ඇතුළත බහාලුමේ සඟවා තිබූ මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 250ක ප්‍රමාණයක්ද, රුපියල් 150,000ක වටිනාකමැති මුදල් නෝට්ටු තොගයක්ද සමඟ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.

මෙම කාන්තාව විසින් පාදුක්ක ප්‍රදේශයේ සිට රැගෙන එන මත්කුඩු ඉංගිරිය සහ අවට ප්‍රදේශ වලට බෙදාහැර ඇති බවට මේ වනවිට සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.

අසනීප තත්ත්වයේ පසුවන දරුවා ආධාරයෙන් කිසිවෙකුට සැකයක් ඇතිනොවන පරිදි සැකකාරිය මෙම කටයුත්තෙහි නිරතව ඇති අතර, ඇය සන්තකයේ තිබී මත්කුඩු බෙදාහැරීමේදී කටයුතු සඳහා යොදාගත් ජංගම දුරකතන අටක්ද පොලිසිය සොයාගෙන තිබේ.

සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මෙම ජාවාරමට සම්බන්ධ ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී තවත් මත්කුඩු ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 180ක ප්‍රමාණයක් පොලිස් භාරයට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම ජාවාරම සඳහා ප්‍රධානීන් ලෙස ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි යුවළක් සම්බන්ධ බව දැනගැනීමට ලැබී ඇති අතර, ස්ථානාධිපති වසන්ත චන්ද්‍රලාල්, උප පොලිස් පරීක්ෂක සිරිකුමාර, සැරයන්වරුන් වන (41102)ශාන්ත, (‍70153)මෙන්ඩිස්, කොස්තාපල්වරුන් වන (79039)ලහිරු, (102258)මධුමන්ත,  (49728)ගුණවර්ධන සහ (11686)දර්ශනී, (12836)ආශා, (12944)ක්‍රිෂාන්ති යන පිරිස එම යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT