Wednesday, April 23, 2025
Home » දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්

by chanaka
January 2, 2024 12:10 pm 0 comment

දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ මියාන්ග් පිහි ඇණුමකට ලක්ව ඇත.

ඔහුගේ තත්ත්වය බරපතළ බවත්, දකුණු කොරියා විපක්ෂ නායක ලී ජේ මියාන්ග් බූසාන් නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී මෙලෙස පිහි ඇණුමකට ලක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ වම් ගෙල ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර විපක්ෂ නායකවරයා රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. රෝහල්ගත කරන විට ඔහු සිහි මද තත්ත්වයෙන් පසුවූ බවද පැවසේ.

විපක්ෂ නායකවරයාගෙන් සමරු සටහනක් ලබා ගැනීමට ඉදිරියට පැමිණි පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ල කළ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සදහන් කරයි.

ලී ජේ මියාන්ග් 2022 වසරේ ජනාධිපතිවරණයේ දී 0.73%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයකින් පරාජයට පත්විය.

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වීමට නියමිත අතර 2027 වසරේ ජනාධිපතිවරණයෙන් ඔහු ජයග්‍රාහණය කරනු ඇති බවට අනාවැකි පළවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT