Home » කොළඹ ජාතික අක්ෂි රෝහලට රුපියල් මිලියන 70 ක වෛද්‍ය උපකරණ

කොළඹ ජාතික අක්ෂි රෝහලට රුපියල් මිලියන 70 ක වෛද්‍ය උපකරණ

by yasara
January 2, 2024 12:04 pm 0 comment

කොළඹ ජාතික අක්ෂි රෝහල මගින් ලබාදෙන ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් තවතවත් ශක්තිමත් කිරිම සදහා දෙස් විදෙස් ජනතාව පසුගිය කාලය පුරාවටම වෛද්‍ය උපකරණ, අක්ෂි කාච, ඖෂධ ඇතුලු විවිධ පරිත්‍යාගයන් සහ  ප්‍රදානයන් රාශියක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි

ඒ අනුව අක්ෂි රෝහලට ප්‍රදානයන් සහ පරිත්‍යාගයන් ලෙස ලැබුණූ රුපියල් මිලියන 70 ක පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ සහ  රුපියල් මිලියන 30 ක වටිනාකමකින් යුතු අක්ෂි කාච 5000 ක ප්‍රදානය  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  අද (02) නිරීක්ෂණය කර ඇත

ප්‍රදානයක් ලෙස ලැබුනු අක්ෂි කාච 5000 ක ප්‍රදානය  නිල වශයෙන් ජාතික අක්ෂි රෝහල වෙත බාරදීම ද සිදු කරන ලද අතර, අඩු ආදායම්ලාභීන් 25 දෙනෙකු වෙනුවෙන් නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීමට ද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී කටයුතු කරන ලදි.

ජාතික අක්ෂි රෝහලට අවශ්‍ය උපකණ ලබාගැනීමට රුපියල් මිලියන 100 ක්,  රෝහලේ තීන්ත අලේප සහ නවීකරණ කටයුතු සදහා රුපියල් මිලියන 10 ක මූල්‍ය  ප්‍රතිපාදන ලබාදිමටත්, මානව සම්පත, පුහුණු සහ සේවාවන් ව්‍යාප්ත කිරීමේ ගැටළු සියල්ල සදහා අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බව මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

ඉහත පරිත්‍යාග කරන උපකරණ අතරට රුපියල් මිලියන 65 ක පමණ වටිනාකමකින් යුත් ඇසේ දෘෂ්ඨිවිතානය සම්බන්ධ විශේෂ පරීක්ෂණ සහ ශල්‍යකර්ම සදහා යොදගනු ලබන ස්කෑන් සහ කැමරා යන්ත්‍රයක් සහ දෘෂ්ඨිවිතානය සම්බන්ධ  ශල්‍යකර්ම සදහා සහ රෝගීන් පරීක්ෂාව සදහා  යොදාගන්නා අන්වික්ෂයක් එක්සත් රාජධානියේ පදිංචි දර්මසේන නැමැති මහත්මයෙකු විසින් අක්ෂි රෝහලට පරිත්‍යාග කර ඇත. එමෙන්ම අක්ෂි ශල්‍යකර්ම සදහා භාවිතා කරනු ලබන රුපියල් මිලියන 5 ක පමණ වටිනාකමකින් යුත්  operating microscope  අන්වීක්ෂයක්  සුනේත්‍රා තෙල්දෙන නැමැති මහත්මියක විසින් පසුගිය දිනෙක ජාතික අක්ෂි රෝහලට පරිත්‍යාග කොට ඇත.

එක්සත් රාජධානියේ සිට නැවත පදිංචි කිරීම සහ පුනරුදය වැඩසටහනේ (resettlement and renaissance from UK) සභාපති සහකාර ආචාර්ය වී සර්වේස්වරන් මහතා සහ මැලේසියාවේ අලක සහ ආනන්ද පදනම් විසින් 2024 වර්ෂය සදහා අවශ්‍යවන රුපියල් මිලියන 30 ක පමණ වටිනාකමකින් යුත් අක්ෂි කාච (Intraocular lens) 5000 ක ප්‍රදානය ජාතික අක්ෂි රෝහලට ලබාදී ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ඒ.ආර්.එම් තවුෆික්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී.පී.බටවල, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන කපිල බන්දුතිලක, කුසුම් රත්නායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ඒ.ආර්.එම් තවුෆික්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී.පී.බටවල, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන කපිල බන්දුතිලක, කුසුම් රත්නායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT