Home » වැලිගමදී මියගිය පොලිස් සැරයන්ට උසස්වීමක්

වැලිගමදී මියගිය පොලිස් සැරයන්ට උසස්වීමක්

by chanaka
January 2, 2024 8:31 am 0 comment

වැලිගමදී සිදුකළ වෙඩිතැබීමකින් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා, උප පොලිස් පරීක්ෂක ධුරයට පොලිස් මූලස්ථානය විසින් උසස් කර තිබේ.

මෙම නිලධාරියා රාකාරීයේ යෙදී සිටියදී මියයාම හේතුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 22/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ පොලිස්පතිවරයා විසින් 2023.12.31 දින සිට ක්‍රියාත්මකවන පිරිදි උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇත.

එසේම අදාළ පොලිස් නිලධාරියාට පොලීසිය විසින් රුපියල් ලක්ෂ 15ක මුදලක් පරිත්‍යාග කිරීමට ද පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඊට අමතරව ඔහුට හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

විශේෂ වැටලීමක් අතරතුරදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත සේවය කළ පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර මහතා දෙසැම්බර් 31වැනිදා වැලිගම ප්‍රදේශයේ දී වෙඩි වැදීමක් හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT