267
හිටපු ක්රිකට් ක්රීඩකයන් වන උපුල් චන්දන සහ තිළිණ කණ්ඩම්බි, සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින සහ T20 තරඟාවලිය සඳහා ශ්රී ලංකා ජාතික පුහුණුකාර මණ්ඩලයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකා ක්රිකට් උපදේශක සනත් ජයසූරිය මහතාගේ නිර්දේශය අනුව උපුල් චන්දන පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ඉඩ ඇති අතර, තිළිණ කණ්ඩම්බි පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.
එළඹෙන ශ්රී ලංකා – සිම්බාබ්වේ ක්රිකට් තරගාවලියට එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් ය.
මෙම තරගාවලියේ දී විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග හට හිමිව ඇති අතර එක්දින කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.