Home » 31රෑ ගෝල්ෆේස් එකේ මොකද්ද වෙන්නේ ?

31රෑ ගෝල්ෆේස් එකේ මොකද්ද වෙන්නේ ?

by chanaka
December 31, 2023 9:22 am 0 comment

31රෑ ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ දී සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක ඉඩම්,ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

දිවයිනේ ජනකාන්ත තරු රැසක් ගී ගයන වසරේ දැවැන්තම සංගීත ප්‍රසංගය එහිදී පැවැත්වෙන අතර ප්‍රසංගය සංගීතවත් කරන්නේ ප්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම විසිනි.

මේ අතර ඊට සහභාගීවන දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

රථ ගාල් කිහිපයක් ක්‍රියාත්මක අතර එම ස්ථානවල සිට ජනතාවට ගෝල්ෆේස් ප්‍රසංග භූමිය වෙත සහභාගී වීමට බස් රථ කිහිපයක් සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය මගින් සූදානම් කොට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT