Home » සාක්ෂි කූඩුවේ අමුතු පුටුවේ වාඩි වූ අධිකරණ ඇමති

සාක්ෂි කූඩුවේ අමුතු පුටුවේ වාඩි වූ අධිකරණ ඇමති

by chanaka
December 31, 2023 10:17 am 0 comment

අභිනවයෙන් ඉදිකරන ලද කොළඹ වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නිරීක්ෂණ චාරිකාවක් සඳහා පසුගියදා(29) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එක්විය.

මෙම වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නවීණ තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත වූ අතර සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ සහ දියුණු රට වල අධිකරණ පද්ධතියන් හි දැකගත හැකි අධිතාක්ෂණික උපකරණ දැකගත හැකි විය.

සාක්ෂි කූඩුව වෙනුවට ස්ථාපිත කර තිබූ සාක්ෂි ලබාදීමේ ආසනය අමාත්‍යවරයාගේ විශේෂ පරීක්ෂාවකට ලක්වීම මෙහිදී සියලුදෙනාගේ අවධානයට යොමුවිය.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ සහ කොළඹ වාණිජ මහාධිකරණයේ නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT