Sunday, April 20, 2025
Home » කැලණිය සරසවියෙන් විශ්ව විද්‍යාල ඉතිහාසයේ මුල්වරට අලුත් වැඩක්

කැලණිය සරසවියෙන් විශ්ව විද්‍යාල ඉතිහාසයේ මුල්වරට අලුත් වැඩක්

by chanaka
December 31, 2023 9:42 am 0 comment

විශ්ව විද්‍යාල ඉතිහාසයේ මුල්වරට The Graduate Entrepreneur Online Store කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරේ.

විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස කටයුතු කරන ව්‍යවසායකයින් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය මගින් මෙය දියත් කරනු ලැ‌‌‌බේ.

ඒ අනුව ව්‍යවසායකයින් 30 දෙනෙකුගෙන් පමණ Graduate Entrepreneur Online Store නම් අන්තර්ජාල වෙලද අවකාශයක් නිර්මාණය කර ඇත.

මෙම වෙබ් අවකාශය දෙසැම්බර් 19 වැනිදා කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී මහාචාර්‍ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය විසින් කැළණිය විශ්ව විද්‍යාලයේදී අන්තර්ජාලයට මුදා හරින ලදී.

මෙමගින් මූලිකව අපේක්ෂා කරනුයේ උපාධිදාරී තරුණ තරුණියන් ව්‍යවසායකයන් ලෙස දිරිමත් කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා අලෙවිය සදහා අවකාශයක් නිර්මාණය කර දීමයි. ඒ හරහා උපාධිදාරීන් ව්‍යවසායකයින් ලෙස සමාජයට එක් කරමින් උගත් තරුණ තරුණියන්ගේ විරැකියා ගැටලුව විසදීමට දායක වීමද මුඛ්‍ය පරමාර්ථකි.

Graduate Entrepreneur Online Store හරහා උපාධිදාරීන්ගේ නිෂ්පාදන පරිශීලනය කිරීම සදහා පහත Link එක භාවිත කළ හැකිය.

https://units.kln.ac.lk/cgu/index.php/grad-entrepreneur-online-store

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT