503
වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් නිවේදන වාර්තා කරයි
වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක අද (31) අලුයම් කාලයේ දී වැටලීමක් අතරතුර වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීම සිදු කළ වෑන් රථය පසුපස වැලිගම පොලීසිය හඹා ගොස් වෙඩි තබා ඇත.
මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සාජන්වරයෙකු වෙයි
මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්ය.
වැටලීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එහි දී සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියා මිය ගොස් ඇති බව වාර්තා වේ.