නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනය තුළ සියලුම රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සිය සේවා ස්ථානවල නිල උත්සවයක් පවත්වන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබෙයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී ඇත
එහි ප්‍රධාන නිල උත්සවය හෙට පෙරවරු 09ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවාවක් ලබාදීම සඳහා සමස්ත රාජ්‍ය සේවයම ඒ සඳහා තිර අදිටනින් කැප විය යුතු බැවින් ජාතික, පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටම නියෝජනය කරන සියලු රාජ්‍ය ආයතනවල මෙම උත්සවය පැවැත්විය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දී තිබෙයි.
එහි දී සියලු රජයේ නිලධාරීන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව හඬ නගා කියවීම ද සිදු කළ යුතුය.