141
2024 වසර රටටත්, ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ ආගමික සහ දේවාශිර්වාද පින්කමක් ජනවාරි 01 වැනිදා කුලියාපිටිය ඇඹව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ඇඹව ශ්‍රී සුදර්ශනාරාමය සහ කනුකැටිගෙදර විහාරස්ථාන ද්වාරාධිපති ඉරුදෙණියායේ සිරිරතන නාහිමි විසින් එදින පෙරවරු 9.00ට ආගමික වතාවත් පවත්වන අතර පෙරවරු 9.30ට ඇඹව කබලෑව සිද්ධ සූනියම් ගම්බාර දේවාලයේදී දේව ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම කරන බව සමඟි ජන බලවේගයේ කුලියාපිටිය ප්‍රධාන සංවිධායක හිටපු ඇමැති පියසෝම උපාලි මහතා ප්‍රකාශ කරයි.