සැලසිනේ ආයතනයේ සභාපති අභාවප්‍රාප්ත හරිත් ගුණවර්ධන මහතාගේ අවමංගල්‍ය කටයුතු පන්නිපිටිය, ඇරැව්වල පොදු සුසාන භූමියේ දී අද(30) පස්වරුවේ සිදු කෙරුණි.
55වැනි වියෙහි පසු වූ ඒ මහතා පසුගියදා අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයක් හේතුවෙනි.
හරිත් ගුණවර්ධන මහතා සැලසිනේ ආයතනයේ සභාපතිවරයා ලෙස මෙන්ම ප්‍රවීණ දැන්වීම් නිර්මාණ ශිල්පියෙකු ලෙසද ප්‍රකට තීරු ලිපි රචකයකු හා පිටපත් රචකයකු ලෙසද කටයුතු කළේය.
කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
1990 දී ‘දිවයින’ පුවත්පතට එක් වූ ඔහු සිය කුසලතාව දැක්වූයේ ‘කිංබානට්’ නමින් ලියූ තීරු ලිපියෙනි.
එම තීරු ලිපිය මුලින් දිවයින ඉරිදා සංග්‍රහයේද පසුව ලක්බිම ඉරිදා සංග්‍රහයේද පළ විය.
ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියට පත් ‘ඕල්වේස් බ්රේක් ඩවුන්’ ප්‍රහසන කතා මාලාවේ පිටපත් රචකයා ද වූයේ ඔහුය.
පසුකලක දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසි ඔහු ලොතරැයි මණ්ඩලයේද කලක් රාජකාරි කළේය.
පන්නිපිටිය සුහද මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වීමට අදත් විශාල පිරිසක් පැමිණ සිටියේය.
අද පස්වරුවේ පැවැති ආගමික වතාවත්වලට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ජනතා නියෝජිතයින් කිහිපදෙනෙකු ද පැමිණ තිබුණි. අවමංගල්‍ය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ශෝක පණිවුඩයක් එවා තිබුණි.