Home » කාබන්ඩයොක්සයිඩ් ලබාදී මිය ගිය රෝගියා ගැන තීරණයක්

කාබන්ඩයොක්සයිඩ් ලබාදී මිය ගිය රෝගියා ගැන තීරණයක්

by chanaka
December 30, 2023 9:15 pm 0 comment

ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් කොළඹ ජාතික රෝහලේ රෝගියෙකු මියගිය බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර තිබේ.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කමිටුවක් ද පත් කර ඇත.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට සිය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් එලෙස කමිටුවක් පත් කළ බවයි.

එම කමිටුව ලබාදෙන වාර්තාව අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

පියයුරු ආශ්‍රිත ශල්‍යකර්මයක් සදහා එම රෝහලට ඇතුළත් කළ රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් එලෙස ලබාදී ඇති බවට වාර්තා පළව තිබුණි.

එහිදී අදාළ රෝගියා මියගොස් ඇති බවද පළ වූ එම වාර්තාවල වැඩිදුරටත් සදහන් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT