256
මෙම දෙසැම්බර් මාසයේදී විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 02 සීමාව ඉක්මවා ගිය බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ පසුගිය වසර 4 ඇතුළත මාසයක් තුළ ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ මෙම දෙසැම්බර් මාසයේදී බවයි.
2023 වසරේ ආරම්භයේදී සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක් තිබූ අතර මෙම වසර අවසානයේදී එම ඉලක්කය සපුරාගැනීමට හැකිවෙනු ඇතැයි ද අපේක්ෂා කරන බවද හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.