234
බදුල්ල දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාවත් සමග පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 76 කට අයත් පුද්ගලයන් 227 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට අද (29) දින කටයුතු කළ බව දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පවසයි.
ඒ අනුව නායයෑම් අවදානමක් පවතින කණවැරැල්ල බටහිර ග්‍රාමසේවා වසමේ පදිංචි පවුල් 67 කට අයත් පුද්ගලයන් 200 දෙනෙකු කණවැරැල්ල දමිල මහා විද්‍යාලයටත් කණවැරැල්ල නැගෙනහිර වසමේ පදිංචි පවුල් 9 කට අයත් පුද්ගලයන් 27 දෙනෙකු වැරැල්ලගොල්ල විද්‍යාලයටත් තාවකාලිකව යැවීමට පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ආපදාා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසීය