Saturday, April 19, 2025
Home » දෙහිවල මහල් නිවාසයක තිබී නාඳුනන මළ සිරුරක් හමුවෙයි

දෙහිවල මහල් නිවාසයක තිබී නාඳුනන මළ සිරුරක් හමුවෙයි

by yasara
December 29, 2023 3:46 pm 0 comment

දෙහිවල පොලිස් වසමේ ගාලු පාරේ මහල් නිවාසයක 4 වන මහලේ කාමරයක් තුළ මියගිය පිරිමි පුද්ගල මළ සිරුරක් අද  (29) දින දහවල් දෙහිවල පොලිසියට ලද දුරකථන ඇමතුමක් මගින් සොයාගත් බව දෙහිවල පොලිස් පවසයි.

මෙලෙස කාමරයක් තුළ මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ත් 50 අතර පිරිමි පුද්ගලයකු වන අතර, මහල් නිවසේ කාමරයක ඇදක් මත  තිබියදී සිරුර සොයාගෙන ඇත.

දින තුනකට ආසන්න කාලයකදී එම පුද්ගලයා මියගොස් ඇති බවට අනුමාන කරන බව පොලිසිය පැවසූහ.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බැවින්  මේ සම්බන්ධව  ස්ථානීය පරීක්ෂණය සඳහා ගල්කිස්ස  මහේත්‍රාත්තුමා කැදවීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර කලුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.

දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT