උතුරු මැද පළාත් කෘෂිකර්ම සත්ත්ව නිෂ්පාදන සත්ත්ව සෞඛ්‍ය හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් සත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් උතුරු මැද පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින් නිදලි කුකුල් පැටවුන් බෙදාදීම වැඩසටහනක් ඊයේ (27) සවස පැවැත්විණි
එම පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී මෙම බෙදා දීම සිදු කර තිබෙයි
උතුරුමැද පළාත් කෘෂිකර්ම සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විජය වනසිංහ එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෛද්‍ය අමරසිංහ සහ පළාත් ක්‍රීඩා අධ්යක්ෂ රුවන් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා උතුරුමැද පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් මෙම අවස්ථාවට සහභාගී වූහ.