සිංහරාජයේ දියඇලි නැරඹීමට පැමිණි විදේශිකයන් සිව්දෙනකු රැගත් වෑන් රථයක් නෙළුව ලංකාගම දී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් ප්‍රංශ ජාතික තරුණියක මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ස්ටෙලා බ්‍රැනන් නම් 22 හැවිරිදි අයෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ දී නෙළුව ලංකාගම මාර්ගයේ වාරුකන්දෙනිය ගල්කන්ද ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි වාහනයක ගැටී ඇත. විදේශිකයන් පැමිණි වාහනය එක් වරම පිටුපසට ධාවනය වී ඇත. එහිදී මියගිය තරුණිය එක්වරම වාහනයෙන් පිටතට පැනීමට යාමේ දී ඇය බරපතළ තුවාල ලබා නෙළුව රෝහලට ඇතුළත් කර තිබුණි. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් තිබූ බව නෙළුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර එදිරිසූරිය මහතා පැවසීය. පශ්චාත් පරීක්ෂණයට සිරුර කරාපිටිය රෝහලට ගෙනයන ලදී.
පොලිස් පරීක්ෂක සමීර එදිරිසූරිය මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක පේමදාස, උප පොලිස් පරීක්ෂක අබේවික්‍රම, පොලිස් සැරයන් වික්‍රමගේ, පොලිස් කොස්තාපල් 99989 මනතුන්ග, පොලිස් කොස්තාපල් 93361 තිලිණ යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
හිනිදුම රවීන්ද්‍ර ලියනගේ