Home » ‘යුක්තිය‘ මෙහෙයුමේදී 1,400කට අධික පිරිසක් අත්අඩංගුවට

‘යුක්තිය‘ මෙහෙයුමේදී 1,400කට අධික පිරිසක් අත්අඩංගුවට

by chanaka
December 28, 2023 1:03 pm 0 comment

යුක්තිය මෙහෙයුම ඊයේ (27) දිනයේ යළිත් ආරම්භ කෙරුණු අතර එහිදී සැකකරුවන් 1,422ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේදී ය.

ඒ අනුව, ‘යුක්තිය’ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම යටතේ හෙරොයින් ග්‍රෑම් 447 ක්, මෙතම්ෆෙටමින් ග්‍රෑම් 827 ක් (‘අයිස්’), ගංජා කිලෝග්‍රෑම් 5.35 ක් සහ මත්පෙති 3,574 ක් සමඟ සැකකරුවන් 1,422 ක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් 03 දෙනෙකු සම්බන්ධයෙන් මුල්‍ය වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ. මීට අමතරව සැකකරුවන් 35 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT