Monday, April 21, 2025
Home » පැහැර ගැනීම් සහ අතුරුදන් කිරීමට එරෙහිව බලුකිස්තානයේ ජනතාව විරෝධතා පා ගමනක

පැහැර ගැනීම් සහ අතුරුදන් කිරීමට එරෙහිව බලුකිස්තානයේ ජනතාව විරෝධතා පා ගමනක

by gayan
December 28, 2023 1:00 am 0 comment

බලහත්කාරයෙන් පැහැර ගැනීම් සහ අතුරුදන් කිරීම් සිදු කරමින් බලුකිස්තානයේ ජනතාවට එරෙහිව පැසිස්ට්වාදී ක්‍රියා

කලාපයක නිරතවන බවට චෝදනා කරමින් දහස් සංඛ්‍යාත බලුකිස්තාන ජාතිකයන් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දක්වා විරෝධතා පා ගමනක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ විරෝධතා පා ගමන මැඬ පැවැත්වීමට ඉස්ලාමාබාද් පොලිසිය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, තරුණ තරුණියන් සිය ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එසේ අත්අඩංගුවට ගනු ලැබූ ඇතැම් තරුණයන් මේ වන විට රහසිගත ස්ථානවල රඳවා තබා සිටින බවට ද චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

සමාජ මාධ්‍ය ජාලයේ සටහන් තබමින් බලුකිස්තාන ප්‍රජා සංවිධාන රැසක් අත්අඩංගුවට ගත් තරුණ පිරිස් සම්බන්ධව අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලීමක් කර ඇති අතර, පොලිසියේ මර්දනය පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ද ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT