යුක්තිය මෙහෙයුමට සමගාමීව හිරණ පාලම අසල සිදුකළ වැටලීමකදී හඳුනා නොගත් මත් කරල් තොගයක් හා ජාවාරමෙන් උපයාගත් මුදල් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සින්නා නමැත්තා අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය සඳහන් කරයි
සැකකරු සමග මත්කරල් 400 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 60000/= මුදලක් පොලිසිය මගින් සොයාගෙන ඇත
පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් හිරන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර සිල්වා මහතාට ලබා දුන් තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක සඳරුවන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
මේ දිනවල දිවයින පුරා සිදුකරන මෙහෙයුම් හේතුවෙන් හොරයින් මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය දැඩි හිඟයක් පවතින බැවින් මත්කුඩු භාවිතා කරන්නන් ඊට ආදේශකයක් ලෙස මෙම හඳුනා නොගත් මත්කරල් භාවිතා කරන බව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි
මෙම මත්කරල් මානසික රෝගීන්ට ලබා දෙන අධිමාත්‍රා සහිත ඒවා බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි
මත්කරල් තොගය සැකකරු යම් පුද්ගලයකුට ලබාදීම සඳහා රැඳී සිටියදී ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත
සැකකරු හිරන අළුබෝගහ වත්ත පාර පදිංචිකරුවෙකි